Sinhala Archive

තොරතුරු පනත යටතේ උතුරු නැගෙනහිර ජනතාව ඉඩම් හා අතුරුදන් වූවන් පිලිබඳව තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කරයි

තොරතුරු පනත ක්‍රියාත්මක  වූයේ පෙබරවාරි තුන් වැනිදා ය. එහෙත් ජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා  අවශ්‍ය සූදානම අදාල රාජ්‍ය ආයතනවලට තිබේද යන්න සොයා බැලීමේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රාජ්‍ය ආයතනවලින් ජනතාව තොරතුරු ඉල්ලන්නට යාමේදී තවමත් ඒ සඳහා ප්‍රමාණවත් සූදානමක නොමැති බව සමහර අවස්ථාවලදී අනාවරණය වී තිබුණි. මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව තම ඉඩම් පිලිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා

දිවයිනේ ඕනම පොලිස් ස්ථානයකින් තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කල හැක – ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

තොරතුරු අයිතිය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් ස්ථාන ඇතුලු ආයතනවලින් තොරතුරු ලබා ගැනීමේදී තොරතුරු නිලධාරීවරයා වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරීවරයෙකු කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සැලසුම් සහ සැලසුම්) බී.කේ.එස් රවීන්ද්‍ර මහතා RTIwire  වෙත පැවසීය. තොරතුරු අවශ්‍ය ඕනෑම කෙනෙකුට දිවයිනේ ඕනම පොලිස් ස්ථානයක් වෙත සිය තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කල හැකි ය. ඊට අවශය

තොරතුරු පනත දේශපාලනඥයින්ගේ නිරුවත හෙළි කරන පනතක් – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක විසින් තොරතුරු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි RTIWire වෙත වාර්තා වේ. එම ඉල්ලීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කල මුල්ම තොරතුරු ඉල්ලීම විය හැකි බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි. තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කල අන්දම සහ ඒ සඳහා ප්‍රතිචාර ලැබුනු ආකාරය පිලිබඳව ඔහු

සියල්ලන්ටම ප්‍රයෝජනවත් තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව බහුතරයක් මතුකරන ප්‍රධානතම ප්‍රශ්නයක් වනුයේ, “තොරතුරු දැනගැනීමේ අයිතිය” භාවිතා කළ හැක්කේ කවුරුන් හට ද යන්නයි. ඊට පිළිතුර නම් “සියල්ලන්ම” යන්නයි. මක් නිසාද යත්, තොරතුරු දැනගැනීමේ අයිතිය සියලුම පුරවැසියන්ට ඕනෑම රාජ්‍ය ආයතනයක් හෝ අධිකාරියක් පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා වන බැවිනි. ඉන්දියාවේ දිළිඳුතම ජනපදයක් වන බිහාරයේ රික්ෂෝ රියැදුරෙක් ලෙස තම දිවි සරි

තොරතුරු අයිතිය ලබා දුන්නෙ අවංකවම නම්, ඒ පිළිබඳව කඩිනමින් ජනතාව දැනුවත් කල යුතුයි – ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

තොරතුරු අයිතිය පනත පිලිබඳව ප්‍රචාරය කිරීම සඳහා රජයට තිබුණු දේශපාලන උනන්දුව පනත ක්‍රියාත්මක කිරීමේදී දක්නට නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි. RTI wire සමඟ සාකච්ඡාවට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කලේ ය.   ජනතාවට පලමු වතාවට තොරතුරු අයිතිය ලැබීම ඔබේ විග්‍රහයට ලක් වන්නේ කෙසේ ද? බලය උපදින්නෙ ජනතාවගෙන්.

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය

RTI 01 තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය මෙම අයදුම්පත්‍රය පිරවීම අතවශ්‍ය නොවේ.මෙය පැහැදිලිව තොරතුරු ඉල්ලීමට ඔබගේ පහසුව සඳහා  පිළියෙල කර ඇත.අතවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කරමින් ලිපියක්, විද්‍යුත් තැපැල් පණිවිඩයක් හෝ වාචික ඉල්ලීමක් ඔබට කල හැක. තොරතුරු නිලධාරි, …………………………………………………… 01. අයදුම් කරුගේ නම ……………………………………………………………. 02. ලිපිනය ……………………………………………………………. 03. දුරකථන අංකය (තිබේනම්) ……………………………………………………………. 04. විද්‍යුත් ලිපිනය(තිබේනම්) …………………………………………………………….

තොරතුරු අයිතියට අදාළ ගාස්තු තොරතුරු කොමිසම  විසින් නිකුත් කෙරේ

තොරතුරු අයිතියට අදාළව තොරතුරු ලබා ගැනීමේදී ගෙවිය යුතු ගාස්තු ඇතුලත් විශේෂ ගැස්ට් නිවේදනය ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් පෙබරවාරි 03 වෙනිදා ප්‍රකාශයට පත් කරනු  ඇත. එම  ගැස්ට් නිවේදනය මගින් ඉතා සරල ගාස්තු ක්‍රමයක් හදුන්වා දී ඇති අතර  ඒ අනුව  තොරතුරු අයදුම්පතක් සදහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරෙනු ඇත.තොරතුරු ඉල්ලා සිටින ඕනෑම පුද්ගලයෙකුට පළමු ඡායා පිටපත්

තොරතුරු පනත යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවද ඇතුලුව ස්වාධීන කොමිෂන් සභාවලින් තොරතුරු ලබා ගන්න පුළුවන්

තොරතුරු අයිතිය පිලිබඳ පනත යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවද ඇතුලුව ස්වාධීන කොමිෂන් සභාවලින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) බී. කේ. එස්. රවීන්ද්‍ර මහතා පැවසීය. “ස්වාධීන කොමිෂන් සභා, අධිකරණ ආයතන, ජනාධිපති ලේකම් කාර්යාලය මෙන්ම අගමැති කාර්යාලයත් තොරතුරු අයිතියට අැතුලත්” මේ අතර තොරතුරු අයිතිය පෙබරවාරි තුන් වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට

පසුගිය රජයට තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට දේශපාලන අධිෂ්ඨානයක් තිබුණේ නැහැ

තොරතුරු අයිතිය ක්‍රියාත්මක කිරීමේදී වෙළඳපොලට රාජ්‍ය යට කරන්නට ඉඩ නොදිය යුතුයැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චරිත හේරත් පවසයි. තොරතුරු පනත පිලිබඳව RTIwire සමඟ පැවති සංවාදයකදී හේරත් මහතා මෙම අදහස් පල කලේය.   ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය ස්ථාපනය කිරීමේදී ඇති විය හැකි අර්බුද මොනව ද? පලවෙනි කාරණය තමයි මේ පනත ගැන සමාජයේ අදහස් ගොඩක් තියෙනවා.

ලංකාවේ තොරතුරු අවශ්‍යතාවය ඉන්දියාවට වඩා වැඩියි

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව වැඩිවීම හා ජන ජීවිතය කෙරෙහි රාජ්‍යයේ බලපෑම වැඩිවීම නිසා වෙනත් රටවල්වලට සාපේක්ෂව මෙරට තොරතුරු සඳහා වන ඉල්ලීම් ප්‍රමාණය වැඩිවනු ඇතැයි තොරතුරු ඉල්ලීම් පිලිබඳ උපදේශක පියතිස්ස රණසිංහ මහතා rtiwire සමඟ පැවති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේය. ඒ මහතා සමඟ පැවති සාකච්ඡාව මෙසේ ය.  තොරතුරු දැනගැනීමේ අයිතිය පෙබරවාරි 04 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සූදානම්