තොරතුරු දැනගැනීමේ පනත පිලිබදව ඔබ ඔබ දැන ගත යුතු දේ

 

ශ්‍රි ලංකාවේ පසුගිය වසර කීපය තුලම දැඩි කතා බහට ලක්වූ දෙයක් තමයි තොරතුරු දැනගැනීමේ පනත .ඒ අනුව වත්මන් රජය  බලයට පත්වීමෙන් පසු 2016 අගෝසතු මස 04 වන දින සම්මත වූ 2016 අංක 12 දරණ  තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මගින් සම්පාදිත ක‍්‍රියාවලිය භාවිතා කොට තොරතුරු වලට ප‍්‍රවේශ වීමට ඔබට  හැකියාව ඇත ඒ මගින් .තොර තුරු දැන ගැනීම ඔබගේ මුලික අයිතියක් බවට පත්ව ඇත .

මෙතෙක් කල් යම් නිලධාරියෙකු සතුව පමණකට සීමාවී තුබූ ඔබට දැනගැනීමට අවශ්‍ය තොරතුරු ඔබට ලබා ගැනීමට මෙම පනත මගින් අවස්තාව සලසා තිබේ .

මොනවද මේ තොරතුරු

රටේ ජිවත්වන සාමාන්‍ය ජනතාව විදියට ඒ කියන්නේ ඔබට අනාවරණය කරගත නොහැකි යම් තොරතුරක් මේ මෙම පනත මගින්  අනාවරණය කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා  නිදසුනක් ලෙස ඉදි වූ හෝ ඉදිවෙමින් පවතින ඔබගේ ගමේ නගරයේ මාර්ගය පෙන්වාදීමට හැකිය ඒ සදහා කෝපමණ මුදලක් යනවද ?කුමන ආයතනයද මුදල් ගෙවන්නේ ?යන කාරනා මෙන්ම එම මාර්ගයේ ප්‍රමිතිය සම්බන්ධ තොරතුරු ගැනද ඔබට මෙම පනත මගින් අධාල ආයතනය මගින් ප්‍රශ්න කිරීමේ හැකියාවක් තිබෙනවා .

එමන්ම තවත්නි දසුනක් ගතහොත් රජයේ ආයතනයක් මගින් ඔබ යම් සේවාවක් ඉටු කර ගැනීමට යම් අයදුම් පතක් හෝ ඉල්ලීමක් කර තිබේනම් එහි සිදුවන ප්‍රමාධයන් ගැන මෙන්ම එයින් ඔබට අසාධාරණයක් සිදුවනාවානම් ඔබට ඒ සම්බන්ධයෙන් අධාල ආයතනයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාවක් තිබෙනවා.

ඉන්දියාව කියන්නේ ආසියාවේ තොරතුරු දැනගැනීමේ නිදහසතුල ඉහලින් සිටින රටක් .යම් අවස්තාවක තම සලාක පොත නැතිවූ පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කීම සදහා කීප අවස්තාවකදීම ප්‍රාදේශීය රාජ්‍ය ආයතනයක් වෙත යනවා නමුත් ඒ ගිය කිසිම අවස්තාවක තාමාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නිලධාරින් හට කරුණු ඉදිරිපත් කිරීමට අවස්තාව ලැබෙන්නේ නැ මොකද එහි ආරක්ෂක නිලධාරියාගේ සිට ඔහුට අනෙකුත් නිලධාරීන්ගෙන් ඔහුට ලැබුනේ ඉතා පහත් සැලකිල්ල හා නොසලකා හැරීම නිසා මෙවැනි සිදු වීම වලට ඔබත් මුහුණ පා ඇති .

අන්තිමට අධාල පුද්ගලයාට සිදුවනවා රාජ්‍ය නොවන සංවිධානයක් හරහා තමන්ගේ කාර්ය  කරගැනීමට උදවු පතන්න පසුව ඔහු ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතියට අනුව අයදුම් පතක් ඉදිරිපත් කරනවා සතියක් ගත වීමට මත්තෙන් එම රජයේ ආයතනයේම නිලධාරියෙක් ඇවිල්ලා කියනවා ඔබගේ සලාක පත ලෑස්තියි ඉක්මනට ඇවිල්ලා අරගෙන යන්න කියලා .

පසුව මේ පුද්ගලයා අධාල රාජ්‍ය ආයතනයට යනකොටම ආරක්ෂක නිලධාරියාගේ සිටම ඉලධාරින්ගෙන් ලැබුනේ ඉහල පිලි ගැනීමක් ඔහුට කන්න බොන්න ගෙනත් දෙන්න අහනවා ඒ වගේම සලාක පොත එවලේම ඔහු අතට දීලා පොඩි යෝජනාවකුත් කරනවා ඒ තමයි තොරතුරු දැනගැනීම සදහා ඉදිරිපත්කල අයදුම් පත අස්කරගන්න පුලුවන්ද කියලා මොකද එම පුද්ගලයා එමගින් අහලා තිබුනේ තමන්ගේ සලාක පත ප්‍රමාධ වීමට හේතුව එහිදී ඒ සදහා අධාල නිලධාරීන්ට උත්තර බදින්න වෙනනිසා තමයි ඒ වැනි ඉල්ලීමක් කලේ

මෙවැනි තොරතුරු පවා ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත මගින් ඔබට දැනගැනීමේ හැකියාවක් තිබෙන බව මතක තබා ගත යුතු කරුණක්.

තොරතුරු ලබාගන්නේ කෙසේද ?

ඔබට යම් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍යනම් අයදුම්පතක් මගින් ඔබගේ ඉල්ලීම සෑම රජයේ ආයතනයකටම පත් කරනු ලබන  තොරතුරු නිලධාරියා වෙත ලබා දිය යුතුය ඔබට අයදුම් පතක් පිරවීමට නොහැකිනම් එය වාචිකව තොරතුරුනිලධාරියා වෙත ලබා දීමේ හැකියාවක් තිබේ .මොනයම් හෝ හේතුවක් නිසා කිසියම් තොරතුරක් ඔබට නිකුත් කිරීමට නොහැකි යැයි තොරතුරු නිලධාරියා පැවසුවහොත් ඔවුන්ට එසේ කල හැක්කේ RTI පනත මගින් අදාළ තොරතුර ජනතාවට නිකුත් කර නොහැකි යැයි පැහැදිලව සඳහන් කර ඇති අවස්ථාවකදී පමණි.නමුත් එමතොරතුරින් මහජන යහපතක් සිදුවන්නේනම් එම පනතේ තිබෙන කොන්දේසිවලට ඉහලින් යාමට හැකිය .

ඔබවිසින් ඉදිපත්කරන අයදුම් පත වෙනුවෙන් ලිකිත ලදුපතක්  තොරතුරු නිලධාරියා විසින් ඔබට ලබාදිය යුතුය අයදුම්පත  බාරදී දින වැඩකරන දින 14 ක් ඇතුලත ඔබට එම තොර තොර තුර ඔබට ලබාදිය යුතුය නමුත් එහි ඇති බැරෑරුම් බාවය මත එය දින 21 දක්වා දීර්ග කරගත හැකිය

 

තොරතුරු ලබානොදුන්නොත් මොනවද කරන්නේ ?

තොරතුරු ලබාගැනීමට යාමේදී මෙවැනි අවස්ථාවන්ට ඔබට ඔබට මුහුණ දීමට හැකිය එවැනි අවස්ථාවන්හි තොරතුරු නිලධාරියාගේ සිට නම් කල නිලධාරියා ,ප්‍රවීණ මාධ්‍යවේදීන් හා නීතිඥයින්ගෙන් සමන්විත විශේෂ ’තොරතුරු කොමිසමක්’ (information commission) වෙත පැමිණිලි කල හැක එසේත් නොහැකිවුයේනම් ඔබට අභියාචනාධිකරණයේ පිහිට පැතීමට පනත මගින් හැකියා ඇත.

සෑම තොරතුරක්ම ඔබට ලබාගැනීමට හැකිද ?

ඇත්තටම සෑම තොරතුරක්ම ඔබට ලබා ගන්න බෑ ලබා ගැනීමට නොහැකි තොරතුරු අතර විශේෂයෙන්ම රාජ්‍ය අරාක්ෂාවට අදාළ තොරතුරු ,මැතිවරණ නිතින් අනුව තිබෙන රහෂ්‍ය තොරතුරු ,අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට අපහාස සිදුවන තොරතුරු ,විභාගයන්හි රහෂ්‍ය බාවය දැක්වෙන තොරතුරු (උ – නිකුත් නොවූ විභාග ප්‍රශ්න පත්‍රයක තොරතුරු සදහා ඔබට ඉල්ලීම් කල නොහැකිය )නමුත් ඉහත වගන්තින් යටතේ තොරතුරු ලබාදීම තුලින්  සිදුවන හානියට වඩා යහපතක් සිදුවනවානම් එම තොරතුරු ඔබට ලබාදීමට කටයුතුකළ යුතුය .