තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙනකොට ආණ්ඩුව විදුරු කුඩුවක් ඇතුලේ ඉන්නවා වගෙයි

 

තොරතුරු දැනගැනීමේ පනතින් අපේ රටේ ජනතාව ආකල්පමය වෙනසක් ඇති කොට සාර්ථකව අනාගතයකට රැගෙන යන්න හැකි වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පණත සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් වෙත  දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩමුළුවේදී අමාත්‍යවරයා මේබව පවසා සිටියේය .

මේ සම්බන්ධයෙන්තො වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක  ”තොරතුරු  දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ජනතාවට තාම ඒ තරම් හැගීමක් නෑ ඩිසල් ,පෙට්‍රල් වැඩි වුනානම් ඒ අයට දැනනෙනවා දුරකතන බිලට මොනවා හරි වෙනවා නම් ඒක දැනෙනවා නමුත් මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්විට තමයි පුරවැසියා අවබෝධ කර ගන්නේ අපට මේකේ තියෙන ප්‍රයෝජනය මොකද්ද කියලා .”

”සමහරු හිතුවා මේක මේ මාධ්‍ය වේදීන් වෙනුවෙන් ගෙන පනතක් කියලා ඇත්ත වශයෙන්ම මේක මාධ්‍ය වේදීන් වෙනුවෙන් ගෙන පනතක් නොවෙයි .මේක පුරවැසියන් වෙනුවෙන් ගෙන පනතක් .මාධ්‍ය වෙදින්ටත් මේකෙන් විශේෂ අවස්තාවක් ලැබෙනවා .මාධ්‍ය වේදීන් අහුලගත්තු තොරතුරු වලින් ලියන්න එපා මිට පස්සේ ආරංචි මාර්ග වලින් කියන තොරතුරු වලින් ලියන්න ඕන නෑ හිතලා තමන්ගේ මතය බලෙන් පටවන ලිපි ලියන්න ඕන නෑ ජනතාව මාධ්‍යයේ බලාපොරොත්තුවෙන්නේ සාධාරණ සත්‍ය නිවැරදි තොරතුරු මාධ්‍ය මගින් ලබා දෙයි කියලා ඒ අනුව යමින් නිවැරදි තොරතුරු ලබා ගෙන ලියන්න පුළුවන් .”

”ගවේශනාත්මක මාධ්‍ය කරණයක්  සදහා මේ පනත බොහොම ඉවහල් වෙනවා ඒතකොට ජනතාවට ආකල්පමය වසයෙන් වෙනසක් ඇතිකරන්න ඕන මේ ගැන හැගීමක් ඇතිකරන්න ඉන්දියාව වැනි රටවල් තුල මේ වගේ පනතක් ගෙනාවේ කොහොමද .ජනතාව පාරට බැහැලා උද්ගෝෂණ කරලා මේ පනත දියවූ කියලා බලෙන් තමයි ආණ්ඩුවට කියලා මේක ගත්තේ හැබැයි අපේ රටේ පනත සම්මත වුනාට පස්සෙත් ජනතාව දන්නෙත් නැ තමන්ට ලැබෙන වාසිය මොකක්ද කියලා .”

”ආණ්ඩුවක් මෙවැනි පනතක් ගෙන්න එතරම් කැමති වෙන්නේ නෑ සාමානයෙන් ආණ්ඩුවක් තමන්ගේ දුර කාලය අවසන්වෙනකොට තමයි මෙවැනි පනතක් ගේන්නේ හැබැයි අපේ ආණ්ඩුව විනිවිධ පාලනයකට යන්න ප්‍රතිඥා දීපු ආණ්ඩුවක් හැටියට අලුත් පක්ෂ එකතුවෙච්ච අලුත් ගමනකට මුල පුරලා තියෙන නිසා අපි කිවුව විදියටම මේ පනත ගෙනාවා .”

”මේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්විට ආණ්ඩුව විදුරු කුඩුවක් ඇතුලට ගියා හා සමානවෙනවා අපි උනත් දෙසපානඥ යින් හැටියට තීන්දු තීරණ ගන්නකොට සාමාන්‍යයෙන් දෙතින් පාරක් හිතනවා මේක මොකක් වේද කියලා බලය නැති උනාම මට මේක කොහොම කරකේද කියලා .රටේ ජනතාව මේ ගැන කොයි විදියට බලයිද ? මගේ නමට මේක කොයි විදියට බලපායිද කියලා හිතන ගතියක් තියෙනවා .”

”මේ පනත ක්‍රියාත්මක වෙනකොට අපි දෙපාරක් හිතපු ඒක හතරපාරක් හිතන්න වෙනවා මොකද ජනතාවට තොරතුරු නිලබලයෙන් ලබා ගැනීමේ අයිතිය තියෙනවා කියන ඒක නිලධාරීන්ටත් දේසපානඥයින්ටත් හිතන්න පුළුවන් කම තිබෙන බවද අමාත්‍ය වරයා මෙහිදී පෙන්වා දෙන ලදී

”දකුණු ආසියාවේ අවසානයටම මේ පනත ගෙනාවේ අපි මුලින්ම මේ පනතක් ගැන කතා කරපු රටත් අපේ රට අවාසනාවට අවසානයටම සම්මත කරගත්තෙත් අපි බවයි හෙතෙම පවසා සිටියේ