තොරතුරු දැනගැනීමේ පනත එනතුරු බලා සිටිනවා -තිස්සපුර ගොවිසංවිධානයේ සභාපති ටී.ඒ.හේමචන්ද්‍ර මහතා

තොරතුරු දැන ගැනීමේ පනත  සම්මත වූ වත් නිසි අයුරින් ජනතාව අතර මේ වන තෙක් එය බලාත්මක වී නොමැති නිසා තමන් තවමත් ජනතාවගේ බදු වලින් යැපෙන ආයතන තුලදී තවමත්  විවිධ අසාධාරනකම් වලට මහුණ දෙන බව ග්‍රාමීය ජනතාව පෙන්වා දෙයි.

ඒ අයුරින් තමන්හට හට අයත් සේවා වන ලබා ගැනීමට යාමේදී තමන් හට දැනගත යුතු කාරනා සම්බන්ධයෙන් නිසි අයිරින් දැනුවත් වීමට නොහැකිවීම නිසා රජයේ ආයතන තුලින් විවිධ අසාධාරණයට ලක්වී සිටින හම්බන්තොට තිස්සපුර ගොවිසංවිධානයේ සභාපති වන  ටී.ඒ.හේමචන්ද්‍ර මහතා කියා සිටියේ තොර තුරු දැන ගැනීමේ පනත තුලින් ජනතාවට බලය ලැබෙන තෙක් තමන් බලා සිටින බවයි .

” මගේ ඉඩමක් සම්බන්ධ ගැටළුවක් තියෙනවා එහිදී  මගේ නඩු වාර්තාව ලබාගන්න ඕන මට ඊ ළඟ පියවරට යන්න. මේ තොරතුරු දැනගැනීමේ පනත යටතෙ නම් මට ඊට වඩා ඉහළට යන්න පුළුවන්.ඒක වංචා නඩුවක් තංගල්ලෙ ඉඩමක. හොටෙල් ගහනව රජයෙ ඉඩම්වල. පොලීසියෙන් ගිහින් නිරික්ෂණ වාර්තාව ගත්තා.මගේ ඉඩමට හොර ඔප්පු ගහනවා. ඊට යට පැත්තෙ රජයෙ ඉඩමෙ හොටෙල් ගහනවා.

සිවිල් අයිතියකට නඩු කියද්දි රක්ෂිතයක නිවාසයක් කවුරු හැදුවත් ඒක වැරැද්දක්.පොලීසිය කියන්නේ  වැරැද්ද බව පේනව. කවුරු මේකට අවසර දීල තියෙනව ද කියලා තීරණයක් දන්නේ නැහැලු . තොරතුරු දැනගැනීමේ අයිතිය ආවොතින් නම් තමන්හට විශාල වැදගත්කමක් තියෙන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ .

ඔබට කොහොමද තොරතුරු දැන ගැනීමේ පනත වැදගත් වන්නේ .

සිවිල් පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ඉතාම වැදගත්.මොකද තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ට ඉදිරිපත් වෙන්න පුළුවන් කොන්ද කෙලින් තියාගෙන. ඇත්තටම බටහිර යුගයේ ඉංග්‍රීසි භාෂාව කථා කරන යුගයක් තිබුණා සිංහල දන්න මනුස්සයා ඉංග්‍රීසි දන්නෙ නැහැනේ එදා. භාෂා පරිවර්ථකයෙක් ඕන වුණා උසාවියට කියන්න. එතකොට තමයි නීතිඥයො ඇති වුණේ. තොරතුරු දැනගැනීමේ අයිතිය ආවට පස්සෙ මට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන.මොකද මේ පනත තුළින් සියළුම පුරවැසියන්ට තමන්ගෙ රටේ තියෙන නිලධාරින් බලධාරීන් අතර පමණක් තියෙන   තොරතුරු ලබාගන්න පුළුවන් වෙනවා , බාධාවකින් තොරව.

 තොරතුරු දැනගැනීමේ පනත නොමැති නිසා ඔබට දැන ගැනීමට නොහැකි වූ කාරනා තිබෙනවාද ?

”උදාහරණයක් ලෙස මයුර පුර තිස්සපුර වැව කඩන් ගිහිල්ලා කුඹුරු විනාශ වෙලා තියෙනවා.දැනට අවුරුදු 04ක් විතර වෙනවා. තාම ඒ අයට වන්දි ගෙව්වෙ නෑ. ඒ මිනිසුන්ට වන්දි දෙනව කියලා දිසාපතිතුමා ලිඛිතවම පොරොන්දු වුණා. වැව් තිස් ගාණකට වතුර බෙදන්නෙ ඒ තිස්සපුර වැවෙන්.ඒ විනාශ වුනු කුඹුරු යාය පී ඩී 65කුඹුරු යාය යි. දැනට උසාවි දාන්න විදියකුත් නැහැ මේ පරිපාලන ප්‍රශ්නෙ නිසා. මහවැලි පාලනය වෙනයි දිසාපති පාලනය වෙනයි. දිසාපතිතුමාට කිවුවම මේක සිවිල් පාලනයට ගන්න කියලා සිවිල් පාලනයට ගන්න දැන්ම බැරිලු ගැටලු තියෙනවයි කියලා.දිසාපති පාලනය ඉකිමන්. මොකද ඒකෙ අක්‍රමිකතා නැහැ නේ. මේක පෞද්ගලික දෙයක් නෙවෙයි. කලින් මානව හිමිකම් ගියාට පස්සෙ ඒ ගොල්ල පොරොන්දු වුණා ඇළවේලි හදලා දෙන්නම් කියලා.මාස එක හමාරක් විතර හැදුවා ඇළවේලිවලින් කොටසක්. ඉතිරි ටික තාම එහෙමමයි.හැබැයි ඒවායින් 50%ක් ගොවීන් විසින් කරගන්න ඕන. ගොවීන් අසරණයි. හැබැයි මේ හැම දෙයක්ම ඉහල ආයතනවල ලේඛනගතවෙලා තියෙන්නෙ.මේවට පිළිතුරු එවනවා .විසඳුම් නෑ. තොරතුරු දැන ගැනීමේ පනත තිබුන නම් මට පුළුවන් ඇයි මේකට මෙහෙම වුනේ කියලා අහන්න.

”මේකට විසඳුමක් නැතිවෙන්න හේතුව තමයි ගොවිතැන් කරන මනුස්සයා කන්න කීපයක් එක දිගට අසරණ වෙනකොට ගොවිතැනින් ඈත් වෙනව නේ. මේ ගොවි සංවිධානෙ ගොවියො 48 දෙනෙක් ගෙන් දැනට කුඹුරු කරන්නෙ දහ දෙනෙක් පමණ .අනෙක් අය අතහැර දාලා ඒවා වල් බිහිවෙලා.ඒකට හේතුව තමයි අර වැව් බැම්ම බිඳිලා කුඹුරු විනාශ වී තිබෙන බවද ඔහු පෙන්වා දුනි ”

අපට අධිකරණයට යන්න ක්‍රමයක් තියෙන්න ඕන. අද අධිකරණයෙ බලය හීන වෙලා තියෙන්නෙ.  දන්න මනුස්සයා පොතක් හරි බලලා  ගෙනැල්ල බලලා ලියලා දෙනවා නඩුකාරතුමාට.පැමිණිල්ල හරි. දැන් හංගන්න බෑ.එදා සිංහලට තුප්පහි ඕන වුණා. අද සිංහලට තුප්පහි ඕන නෑ.ඒ නීතිය එනවා ඔය පනතෙන්.තොරතුරු දැනගැනීම ආවට පස්සෙ හොර වැඩ බෑ. රජයේ නිලධාරීන්ට තමයි වගවීම ”.