තොරතුරු දැනගැනීමේ පනතින් ඔබට ලැබෙන්නේ මොනවාද ?

මහජන බදුමුදලින් ක්‍රියාත්මක වන ඕනෑම ආයතනයක සිදිවන දෑ පිලිබදව ජනතාවට දැනගැනීමට අවස්තාව තිබිය යුතුය . තොරතුරු දැනගැනීමේ පනත තුලින් ජනතාවට එම අවස්තාව මේ වනවිට ලැබී තිබේ . එමෙන්ම ජනතාව ඉල්ලා සිටින තොරතුරු ලබාදීමටද පාලකයන් මේ හරහා බැඳී සිටියි.

පසුගිය කාලය තුල මෙම අයිතිය ජනතාව සතු නොවූ නිසා තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේදී පවා ඔබ අසරණ වන්නට ඇත නමුත් දැන් අබ එයින් මිදී ඇත . අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, පාරිසරික අයිතීන්, සෞඛ්‍ය සඳහා ඇති අයිතිය, සමානාත්මතාවයේ අයිතිය මෙම තොරතුරු දැන ගැනීමේ අයිතිය මගින් ඔබට හිමිවී තිබෙන බව ඔබ දැනගත යුතුම කාරණයකි .

මෙම අයිතිය කඩදාසි කොලයකට පමණක් සිමා වීම වැලක් වා ගත ගත හැක්කේ ඔබට පමණි ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටීම තුලය .ඒ තුලින්  දුෂණය ,වංචාව ,රාජ්‍ය ප්‍රතිපත්ති ගුණාත්මක කිරීම ආදියටත මෙම තොරතුරු දැන ගැනීමේ පනත වැදගත්වේ .

ඔබට ලැබෙන  මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය මගින්   රාජ්‍ය ආයතනයකින් තොරතුරු ලබාගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් කරන ඕනෑම පුද්ගලයෙකුට,වැඩ කරන දින 14 ක් තුල  එම ඉල්ලීම ඉටුකිරීමට නීතිමය වශයෙන් බලපෑමක් නොවේ නම් එම තොරතුරු ලබාදීමේ වගකීමක් රාජ්‍ය ආයතනවලට ඇත.

මෙම පනත නිසා ඔබගේ මුලික අයිතීන් කීපය සුරැකේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, පාරිසරික අයිතීන්, සෞඛ්‍ය සඳහා ඇති අයිතිය, සමානාත්මතාවයේ අයිතිය.ඒ අතර වේ . ආසියාවේ දැනට හොදම තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ වන අතර අරට ජනතාව තමන් ගේ අයිතීන් පිලිබදව විමසිල්ලෙන් කටයුතු කරන බව අරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි 2003 වර්ෂයේදී පමණක් තොරතුරු දැනගැනීම සදහා අයදුම් පත් ලක්ෂ දෙකක් ලැබුන බව ඒ මගින් හෙළිවිණ .

යම් අවස්තාවක රෝහලකදී වැරදි එන්නත් කිරිමක්නිසා දරුවෙකු මිය ගිය අවස්ථාවේ දරුවාගේ දෙමා පියන් රාජ්‍ය නොවන සන්විධානයකගේ සහයෝගය ඇතිව දරුවාට තිබු රෝගී තත්වය දරුවා මිය ගිය ආකාරය ලබාදුන් එන්නත් ප්‍රතිකාර කල වෛද්‍ය වරුන් ගේ  තොරතුරු දැනගැනීම සදහා අයදුම් පතක් ඉදිරිපත් කර තිබේ .ඒ වැනි ආකාරයෙන් ඉන්දීය ජනතාව තොරතුරු දැනගැනීම සදහා පෙළබි ඇති ආකාරයක් දක්නට ලැබේ ,

ඇමෙරිකාව  සෞඛ්‍ය හා අවදානම් ආරක්‌ෂණ ක්‍රමවේදවලින් ඉහළ තැනක සිටි රටක්‌ වුව ද 1981 – 1985 කාලය තුළ සිදු වූ විෂ කාන්දු වීමේ අනතුරුවලින් 1500කට අධික පිරිසක්‌ තුවාල ලබා තිබූ අතර 135ක්‌ මිය ගොස්‌ තිබිණි. මේ කරුණු සැලකිල්ලට ගනිමින් කොංග්‍රසය 1986 දී තොරතුරු දැනගැනීමේ Right to know පනත ඉදිරිපත් කොට සම්මත කරගත්තේ ය. මේ පනත සම්මත වීමෙන් පසු කර්මාන්තකරුවන් තම කර්මාන්ත තුළ සිදු වන රසායනික ක්‍රියාවලි ගැන ප්‍රාදේශීය බලධාරීන් දැනුවත් කිරීම අනිවාර්ය විය.

මේ ආකාරයෙන් ඔබ ප්‍රදේශයේ සිදුවන මහා පරිමාන පරිසර දුෂණයන් .පරිසර විනාශය ගැන වුවද ඔබට මෙම පනත මගින් තොරතුරු සොයා බැලීමට හැකියාව තිබේ .

ඔබේ නගරයේ ,ගමේ සිදුවන සංවර්ධන කටයුතු සම්බන්ධ තොරතරු මෙන්ම අක්ක්රමවත්ව සිදුකල සංවර්ධනය නිසා සිදුවූ හානිය .ඔබට සිදුවන අපහසු තාවයන් ,යෙදුවූ මුදලට සාපේක්ෂව එම සන්වර්ධන් කටයුතු කර තිබේ ද යන්නද මේ මගින් ඔබට ප්‍රශ්න කල හැකි බව ඔබ දැන සිටිය යුතු සේම ඒ සදහා ඔබගේ ක්‍රියාත්මක වීමද අත්‍යාවශ්‍ය කාරණයකි ඒ මගින් රටේ මුදල් නාස්තිය දුෂණය මෙන්ම ඔබට සිදුවන අපහසු තාවයන්ද මගහරවා ගැනීමට හැකිවේ .