තොරතුරු ජනතාවට ඔක්ෂිජන් වගේ –  ශාන් විජේතුංග – ජ්‍යෙෂ්ට කළමනාකරු  ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැසනල් ආයතනය 

තොරතුරු යනු සමාජයක ඔක්ෂිජන් වැනි දෙයක් බවත් ඔක්සිජන් නැතිව මිනිසුන්හට ජිවත් වීමට නොහැකි සේම  ප්‍රජාතන්ත්‍ර   වාදී සමාජයක තොරතුරු නැතිව තීන්දු තීරණ ගැනීමට ජනතාවට හැකියාවක් නොමැතිබව  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැසනල් ආයතනයේ  කළමනා කරු ශාන් වෙජේතුංග පවසයි .ඔහු මේ අදහස් ප්‍රකාශ කර සිටියේ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධෙන් අප සමග සිදුකල විශේෂ සාකචාවකට එක්වෙමිනි .

”ප්‍රජාතන්ත්‍රවාදී සාමාජය තුලදී ඔක්ෂිජන් හා සමානවම ජනතාවට තොරතුරු ලැබිය යුතුය මේ අයිතිය අපේ රටේ ක්‍රියාත්මක උනේ නැහැ මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය මුලින්ම ප්‍රකාශයට පත්වන්නේ ස්වීඩනයෙන් 1766 දී  ඉන් පසුව අපේ රටේ ජනතාවට මේ අයිතිය ලැබෙන්න වසර 250 ක් හරියටම ගතවුනා  .”

”1944 දී ලංකාවේ එවකට හිටපු ධර්මසිරි සේනානායක ජනමාධ්‍ය ඇමති වරයා යම් ප්‍රකාශයක් කරලා තිබුනා ඊට පසුව 1996 දී චන්ද්‍රකා කුමාර තුංග මහත්මිය ජනමාධ්‍ය නිදහස සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සොයාබලන්න පත් කරනලද ආර් .කේ ඩබ්ලිවු .ගුණසේකර කමිටුව තමයි ලිකිත සදහනක් ලංකාව තුල සිදු කරන්නේ තොරතුරු වලට ප්‍රවිෂ්ට වීමේ අයිතිය ජනතාවට ලබා දිය යුතුයි කියලා ලිකිත්ව ඉදිරිපත් වූ මෙම යෝජනාව 1996 දී ආවට ශ්‍රීලංකා ජනතාවට හරියටම අවුරුදු 20 බලා සිටින්න වුනා මේ අයිතිය ලබා ගන්න .

ලංකා  ඉතිහාසය  තුල අවස්ථා කීපයකදීම තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් නීති රීති ගෙන එන්න ක්‍රියාත්මක වෙනවා කේ ඩබ්ලිවු .ගුණසේකර මහතා මේ යෝජනාව ගෙනාවට පසුව නීති කොමිසම් සබාව උත්සහ ගත්තා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න එහිදී ඔවුන් පනත් කෙටුම් පතක් ද සකස් කළා ඊට පසුව 2002 පත් වූ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණු රජය2003 දී තොරතුරු දැනගැනීමේ අයිතිය පනත් කෙටුම් පත් කරලා එය 2004 දී ඇමති මණ්ඩලයට ඉදිදිරි පත් කරලා එක අනුමත  කළා හැබැයි පාර්ලි මේන්තුවට ඉදිරි පත් කිරීමට ප්‍රථම පාරිලි මේන්තුව විසුරවා හැරියා ඒ නිසා එම පනත් කෙටුම් පත පාර්ලි මේන්තුවට ආවේ නැති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැසනල් ආයතනයේ  කළමනාකරු ශාන් වෙජේ තුංග පෙන්වා දෙයි .

මිට පෙර 2009 දී මිලින්ද මොරගොඩ ඇමතිවරයා අදිකරණ ඇමතිවරයා හැටියට පනත් කෙටුම් පතක් හදනවා ජනමාධ්‍ය වේදීන් , ජනමාධ්‍ය සංවිධාන හා සිවිල සංවිධාන නියෝජිය්හයින්ගේ සහබාගිත්වය ඇතිව .මේ පනත් කෙටුම් පත අධිකරණ ඇමතිවරයා හැටියට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දෙනවා නමුත් ඒ බාරදිම්නේ මසකට පසුව තිබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මිලින්ද මොරගොඩ මහතා පරාජයට පත්වෙනවා ඒ නිසා ඔහුට එම පනත ක්‍රියාත්මක කරීමට අවස්තාවක් නොලැබුන බව ශාන් වෙජේතුංග මහතා පෙන්වා දෙයි

2009 දී රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්ෂ නායක වරයා ලෙස ඉන්න විට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන ආවත් එය ප්‍රතික්ෂේප වන්නේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විපක්ෂ නායක වරයෙකු හට ගෙන ඒමට නොහැකි වූ බව ප්‍රකාශ වීම හේතු කොට ගෙන  නමුත් ඉන් අනතුරුව කරු ජයසුරිය මහතා 2010 දී උත්සහ ගන්නවා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම කෙටුම් පත් ගෙන්න මෙම ගෙන එන කෙටුම් පත 2003 දී එක්සත් ජාතික පක්ෂය හදපු එක වර්ධනීය කරලා ඒ කටුම් පත් තමයි මෙලෙස ගෙන එන්නේ .

”කරු ජයසුරිය මහතා දෙවන අවතාවටත් මෙය පාර්ලි මේන්තුවට ගෙන එන්න උත්සහ කල අතර එහිදී  ආණ්ඩු පක්ෂයේ මන්තිවරු මේ සදහා ඡන්දයක් ඉල්ලනවා ඒ ඡන්දයේදී මෙය විවාදයට නොගෙනම පරාජයට පත් කරනවා .ඒ නිසා කරු ජයසූරිය මහතා ගත දෙවැනි උත්සාහයත් අසාර්ථක වෙනවා ”.

ඉන්  පසු සිවිල් සාමාජය තුල පමණක් මේ සම්බන්ධයෙන් හඩ නැගුවා අනෙක් අය මේ සම්බන්දයෙන් හඩක් නැගුවේ නෑ .ට්‍රාන්ස් පෙරන්සි ඉන්ටර්නැසනල් ආයතනය මුලික වෙලා තොරතුරු සදහා වන පුරවැසියා නමින් සංවිධානයකුත් නිර්මාණය කළා මෙය ක්‍රමක් ක්‍රමයෙන් බලපෑම් ද සිදුකලා .ඒ අතර2014 දී ජනාධිපතිවරණය  ප්‍රකාශයට පත්වුනා එහිදී තොරතුරු දැනගැනීමේ පුරවැසියෝ සංවිධානය ගිහින් ජනාධිපති අපේෂකයන්ට බලපෑම් කළා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ට මේ කාරණය ඇතුලත් කරන්න කියලා මෙහිදී විශේෂ සදහනක් තිබුනා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රී පාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය  තුල මේ සම්බන්ධයෙන් ඍජුවම සදහන් වෙලා තිබුනා .මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද චින්තන වැඩ පිළිවෙල තුල ද මේ පිලිබදව සදහනක් තිබුන බව ඔහු පෙන්වා දෙයි .

2015 දී චන්දෙන් ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුගේ ආණ්ඩුව දින සියයේ වැඩ පිළිවෙල තුලදී තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කලත් එම දින සියයේ වැඩපිළිවෙල තුලදී මෙය ක්‍රියාත්මක නොවිය .අවසානයේදී 2016 අප්‍රේල් මාසයේදී  දී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් පසුව එය ජුනි මාසයේදී සංවාදයට ලක්වී පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත්වීමෙන් පසු අනුමැතිය පලවිය .කතානායක වරයා මේ සදහා අනුමැතිය ලබදුනුල්කබුවේ ලැබුයේ අගෝස්තු 04 වනදා වේ .

ගැසට් නිවේදනයක් මගින් පළකිරීමත් සමග මෙම තොරතුරු දැන ගැනීමේ පනතේ ක්‍රියාත්මක බවය එතැන් සිට මාස හයක  කාලයක සිට ක්‍රියාත්මක බාවයට පත් වන බවත් ඒ අනුව 2017 පෙබරවාරි 04වනදා සිට ජනතාවට තොරතුරි ඉල්ලුම් පත්  ඉදිරිපත් කරලා තොරතුරු ලබා ගන්න හැකියාව ලැබෙන බව ශාන් විජේ තුංග පෙන්වා දෙයි .සම්පුර්ණයෙන්ම මෙය බල ගැන්වෙන්නේ 2017 අගෝස්තු 04 වනදා බවයි ඔහු කියා සිටියේ ,