තොරතුරු අයිතියට රාජ්‍ය නිලධාරීන්ගේ සුබවාදී ප්‍රතිචාර

“තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන මම මීට කලින් අහලා තිබුනත් එය කුමක්ද කියලා හරි හැටි දැනගෙන හිටියේ නැහැ. හැබැයි මේ පනත ගැන අධ්‍යයනයක් ලැබුනාම මට හිතෙන්න ගත්තා මගේ රැකියා ජීවිත තුළ මට ලැබුණු හොඳම තෑග්ගක් කියලා. මගේ දරුවන් වෙනුවෙන් කල හැකි හොඳම කර්තව්‍යයක් හැටියට මේ පනත ක්‍රියාත්මක කරන්න මගේ සහය ලබා දෙනවා.”
මධ්‍යම පළාතේ සිටින ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරීනියක් මේ බව පැවසුවේ තොරතුරු අයිතිය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ වැඩමුඵවකින් පසුව අදහස් දක්වමිනි.
මධ්‍යම පළාත් සභාව යටතේ ඇති ආයතනවල නිලධාරීන් 75 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වූ මෙම වැඩමු`ඵවට සිය`ඵදෙනාගෙන්ම පළ වූයේ මහත් උනන්දුවකි. වෙනදා පවත්නා පුහුණු වැඩමු`ඵවලදී ඇල්මැරුනු ස්වභාවයෙන් නිද්‍රාශීලීව දේශනවලට සවන් දෙන රාජ්‍ය නිලධාරීහූ මෙම වැඩමු`ඵවේදී මහත් උද්යෝගීමත්ව සංවාදයට එක්වූහ. වරෙක ඔවුන් දේශකයන් සමග තර්ක කළහ. ප්‍රශ්න ඉදිරිපත් කළහ. ඒ සියල්ල ඔවුන් සිදු කළේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව සන්නද්ධ වීමට බව නොරහසකි.
තොරතුරු අයිතිය පිළිබඳව මේ වනවිට රටපුරා පවතින වැඩමු`ඵවලදී රාජ්‍ය නිලධාරීන් මෙලෙස දැඩි උද්යොගයක් දක්වති. නිලධාරීන්ගේ එම සහභාගිත්වය සුබවාදී ප්‍රතිචාරයකි. තමන් එවැනි ප්‍රතිචාරයක් රාජ්‍ය නිලධාරීන්ගෙන් බලාපොරොත්තු නොවූ බව වැඩමු`ඵවලට එක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යය කරු පරණවිතාන මහතා සඳහන් කළේය.
තොරතුරු අයිතිය ජනතාවට ලබාදීමේදී රාජ්‍ය නිලධාරීන් මහත් කැපවීමක් සිදුකළ යුතුය. ඔවුන් එම අයිතිය පිළිබඳව දැනසිටිය යුතු අතරම තොරතුරු නිසි ලෙස ආරක‍ෂා කිරීමටද කැපවිය යුතුය. පනතට අනුව 2016 අගෝස්තු 04 වැනිදා දක්වා පැවති සියලූ තොරතුරු වසර 10ක් ආරක‍ෂා කළ යුතුය. 2016 අගෝස්තු 04 වැනිදා පසුව ජනිත කෙරෙන (ඨැබැර්එැා) තොරතුරු වසර 12ක් පවත්වා ගත යුතුය.
එපමණක් නොව ජනතාව විවිධ තොරතුරු ඉල්ලා සිටීමට හැකියාවක් පවතින නිසා එම තොරතුරු නිසි ලෙස ලේඛන ගත කළ යුතුය. මුලින්ම මෙය වෙහෙසකර ක්‍රියාවක් වනු ඇත. එමෙන්ම ටෙන්ඩර් කැඳවීම, ප්‍රදානය කිරීම, මුදල් විය පැහැදම් කිරීම, වැනි සියලූ කාරණා නිවැරදිව වගවීමෙන් සහ විනිවිදභාවයෙන් සිදුකළ යුතුය. වංචනිකයන් අතලොස්සක් මීට එරෙහි විය හැක. එහෙත් බහුතරය එසේ නොමැත.
නව පනත නිසා රාජය ආයතන වඩාත් ක්‍රමවත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි. වලවීම මෙන්ම වගකීමද මෙයින් වැඩිවනු ඇත. එහෙත් ඔවුන් ඊට කැමැතිය. පරිපාලනය නිවැරදි විය යුතු බව ඔවුන්ගේ අදහසය.
“මේ ගැන අධ්‍යාපනයක් ලබා ගන්නා තෙක්ම මම තොරතුරු අයිතිය කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැහැ. දැන් මම දන්වා අපි වඩාත් වගකීම් සහගත විය යුතු බව. එහෙත් මම කැමැති මේ පනතට. අපිට රාජය සේවය වඩාත් ඉහල තැනකට ගෙනියන්න පුඵවන් ” ශ්‍රියාලතා මැණිකේ පැවසුවාය.
ඇය මෙන්ම පළාත් පාලන ආයතනයක සේවය කරන නිමල් සේනානායක මහතා ප්‍රකාශ කළේද ” මෙය මහජනතාවට මෙන්ම රජයේ නිලධාරීන්ටද ප්‍රයෝජනවත් අයිතියක් බව. දේශක මහත්වරුන් පැහැදිලි කළා අපිට උසස් වීමක් නොලැඛෙන කොට, මාරුවීම නිසිලෙස නොලැඛෙන විට, අසාධාරණයක් වෙන කොට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඒ ගැන විමසන්න පුඵවන් කියලා. ඒක ඉතා හොඳයි.”  යනුවෙනි.
තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. එබැවින් ඔවුන් තුළින් ලැඛෙන යහපත් ප්‍රතිචාරය තොරතුරු අයිතිය වඩාත් පු`ඵල් කිරීමට මහ`ගු පිටුවහලක් වනු ඇත. මේ ප්‍රවණතාවය පවත්වාගෙන යාම සෑම රාජ්‍ය ආයතනයකටම වගකීමකි. එමෙන්ම ඒ සඳහා වන පීඩනයක් ලබාදීම සිවිල් සංවිධාන සහ මහජනතාවගේ වගකීමකි.
රාජ්‍ය නිලධාරීන් පවසන අන්දමට තොරතුරු අයිතිය ක්‍රියාත්මක වීමේදී ඔවුන්ට එල්ල වන අභියෝග දෙකකි. එක් අභියෝගයක් වනුයේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොසිටීමයි. විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවලට ආදාල ආයතනවලට දිනපතා පැමිණෙන ජනතාවගේ ප්‍රමාණය විශාලය. මේ නිසා ඔවුන් තොරතුරු අයදුම්පත් ඉදිරිපත් කරන විට ඊට ප්‍රතිචාර දැක්විමට කාර්ය මණ්ඩලයක් අවශ්‍ය බව ඔවුන් පවසති.
පුහුණුු වැඩමු`ඵවලදී මේ සම්බන්ධව ඔවුන්ට උපදෙස් ලැඛෙන්නේය. පවතින ලිපි ගොනු නිවැරදිව පවත්වාගෙන යෑම හරහා මේ අභියෝගය ජය ගැනීමට අවශ්‍ය උපදෙස් ඔවුන් වෙත නිකුත් වන්නේය. ඒ සඳහා කටයුතු කිරීමට පවත්නා කාර්ය මණ්ඩලයටම හැකියාවක් ඇත. එයට අමතර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම අත්‍යවශ්‍ය නොවේ.
තරමක අභියෝගයක් වන්නේ තොරතුරු ගබඩා කර තැබීමය. කාමරයක ලිපිගොනු ගබඩා කර තැබීම පහසු නැත. ඒවා විනාශ වීමට ඇති ඉඩකඩ වැඩිය. එබැවින් එම තොරතුර පරිගණක ගත කළ යුතුය. ඒ සඳහා පහසුකම් අවශ්‍යය. නිලධාරීන් පුහුණු කළ යුතුය. මෙම වගකීම රජය වෙත පැවරෙන ප්‍රධානතම අභියෝගයකි.